චීන ණය උගුල මතය චීනය යළි ප්‍රතික්ෂේප කරයි
2022-08-11 20:15:18
Share with:

G20 කණ්ඩායමට අයත් රටවල් අතරින් ණය ආපසු ගෙවීම අත්හිටවූ කල් දැමූ විශාලතම ප්‍රමාණය සහිත රට චීනයයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඇතැම් බටහිර රටවල් විසින් හුවා දක්වන ඊනියා චීන ණය උගුල් මතය පිළිබඳව වාර්තාකරුවෙක් නැගූ ප්‍රශ්නයට පිළිතුරු‍ දෙමිනි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනය ලබා දෙන ණය අනුපාතය බටහිර රටවල් ආධිපත්‍යය දරන ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලට වඩා බෙහෙවින් අඩු වන බව Wang Wenbin මහතා පැවසීය.ඉන් බොහොමයක් අඩු පොලී අනුපාත සහ දිගු කාලීන සහනදායී ණය වේ. ඒවායෙන් එම රටවල ණය බර වැඩි නොකරනවා පමණක් නොව, ඔවුන්ගේ යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. ඒ අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවදානම් තත්ත්වයන් පිළිබඳව ද චීනය දැඩි අවධානයක් යොමු කරන අතර, G20 කණ්ඩායම් අඩු ආදායම්ලාභී රටවල් සඳහා ණය ආපසු ගෙවීම කල් දැමීමේ මුලපිරුම ක්‍රියාත්මක කර තිබේ. ‍මෙම කරුණු හමුවේ, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේම වෛෂයික හා සාධාරණ අවබෝධයක් සහ විනිශ්චයක් ඇති බව විශ්වාස කරන බව ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම