ලිතුවේනියානු උසස් නිලධාරීන් පිරිසක් චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීමට ‍එරෙහිව චීනයේ දැ‍ඩි විරෝධය
2022-08-11 19:22:22
Share with:

ලිතුවේනියානු ප්‍රවාහන හා සන්නිවේදන උප ඇමතිවරයා ප්‍රමූඛ පිරිස පසුගිය 7වැනිදා සිට චීන තායිවාන ප්‍රදේශයට ළඟා වී දින 5ක සංචාරයක නිරත වූහ.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පෙන්වා දුන්නේ,  ලිතුවේනියානු චීන විරෝධී බලවේග, චීනයේ ස්වෛරීත්වය හිතාමතාම උල්ලංඝනය කිරීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරන බවයි.

එකම චීනය යන මූලධර්මය යනු, චීනය ලිතුවේනියාව ඇතුළු සියලුම රටවල් සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා වන දේශපාලන පදනම  බව, Wang Wenbin මහතා අවධාරණය කළේ ය.

චීන තායිවානය සමඟ නිල සම්බන්ධතා ඇති කර නොගන්නා බවට සහ නිල හුවමාරු සිදු නොකරන බවට, ලිතුවේනියානු රජය පොරොන්දු වී ඇත. එහෙත් ලිතුවේනියානු පාර්ශ්වය නැවත නැවතත් පොරොන්දු කඩ කර තිබේ. මෙය දැ‍ඩි ද්‍රෝහී ක්‍රියාවක් බව Wang Wenbin මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම