මීටර 8000 ක කැණීමකින් ඛණිජ තෙල් හා ස්වභාවික ගෑස් ලබා ගැනීමට චීනයේ Sinopec සමාගම සමත් වෙයි
2022-08-11 17:07:08
Share with:

චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වයාත්තයේ ‍ටාරිම් ද්‍රෝණියේ මීටර 8000 ක කැණීමකින් ඛණිජ තෙල් හා ස්වභාවික ගෑස් ලබා ගැනීමට චීනයේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු සමාගම වන Sinopec සමාගම සමත් වෙයි.එම නිධියෙන් ඛනිජ තෙල් ටොන් 244ක් හා ගෑස් කියුබික් මීටර නව ලක්ෂ හැත්තෑ දහසක් දෛනිකව ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත.එම ඛනිජ තෙල් හා ගෑස් නිදියේ ඉතා ගැඹුරු තෙල් ලිං 41ක් දැනට පවතී.චීනයේ සමස්ත ඛනිජ තෙල් හා ගෑස් මූලාශ්‍රයන් ගෙන් සියයට 34ක් ගැඹුරු හා ඉතා ගැඹුරු සංචිතයන් ය. නව ඛනිජ තෙල් හා ගෑස් සංචිත සොයා ගැනීම චීනයේ බලශක්ති සැපයුම හා ජාතික බලශක්ති ආරක්ෂාවේ සහතික බව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම