තායිවාන ස්වදේශිකයින් රටේ සාමකාමී එක්සත්භාවය පිළිබඳ යුක්තිසහගත ව්‍යායාමයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි
2022-08-10 11:41:53
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය හා රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(10) නිකුත් කළ ‘තායිවාන ප්‍රශ්නය හා නව යුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශකයා සිය අදහස් දක්වයි.

වත්මන් සංකීර්ණ ජගත් තත්ත්වය හා තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර තත්ත්වය හමුවේ නිකුත් කෙරුණු එම ධවල පත්‍රිකාවෙන්  තායිවාන බෙදුම්වාදීන් හා බාහිර බලවේගයන් චීනයේ එක්සත් ක්‍රියාදාමයට බාධා කරන ක්‍රමන්ත්‍රණය හෙළි කර ඇත. එය තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ ස්වදේශිකයින්, විශේෂයෙන් තායිවාන ස්වදේශිකයින්ගේත්, ජගත් ප්‍රජාවේත් අවබෝධය හා අනුබලය ලබා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය දරන අවංක වෑයම විදහා පෑමකි. රටේ එක්සත්භාවය ඉටු කිරීම බලමුළු ගැන්වීමට එය උපකාර වන බව ද එම ප්‍රකාශකයා පවසයි.

තායිවාන ස්වදේශිකයින්, ඉතිහාසයේ නිවැරදි පස සිට සිය ප්‍රදේශය, ජාතික පුනර්ජීවනයේ ස්ථානය හා කාර්යභාරය ගැඹුරින් සිතා මව්රටේ සමස්තය සලකමින්, බෙදුම්වාදීන්ගේ ක්‍රියා හා බාහිර මැදිහත්වීම් සුණු විසුණු කරමින්, රටේ සාමකාමී එක්සත්භාවය පිළිබඳ යුක්තිසහගත ව්‍යායාමයට එක්සිත්ව එක්වන්ව සක්‍රීයව එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශකයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම