චීන තායිවාන සමුද්‍ර සන්ධියේ තත්වය කෙරෙහි පවතින අනතුරුදායක ප්‍රවණතා තුනක් චීන විදේශ ඇමතිවරයා පෙන්වා දෙයි
2022-08-10 19:59:10
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා මොංගෝලියා, දකුණු කොරියා හා නේපාල යන රටවල විදේශ ඇමතිවරුන් හමු වීමේදී, චීන තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය සම්බන්ධ, චීනයේ  ස්ථාවරය පැහැදිලි කළේ ය.

තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය තවමත් වර්ධනය වෙමින් පවතින අතර, අනතුරුදායක ප්‍රවණතා තුනක් පිළිබඳව  විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතු බව, වං යී මහතා සඳහන් කළේ ය.

ඇමරිකාව අසාර්ථකත්වය පිළි ගැනීමට සූදානම්  නොවනු ඇති අතර නව සහ විශාල ආකාරයේ අර්බුදයක් නිර්මාණය කිරීමේ  සැලසුම් පිළිබඳව ප්‍රවේශම් විය යුතු බව හෙතෙම කීය.

තායිවානයේ බෙදුම්වාදී බලවේග, බාහිර බලයන් සමඟ හවුල් වීම ශක්තිමත් කිරීමෙන් රට හා ජාතික බෙදුම්වාදී ක්‍රියා  අඛණ්ඩව සිදු කරගෙන යාමේ ඇති අවදානම පිළිබඳව ද,  ප්‍රවේශම් විය යුතු ය.

ඇතැම් රටවල දේශපාලකයින් දේශපාලන රංගනයන් කිරීමට සහ දේශපාලන ආත්මාර්ථකාමීත්වය සෙවීමේ ප්‍රවණතාව අනුගමනය කිරීම පිළිබඳව, ප්‍රවේශම් විය යුතු යැයි ද හෙතෙම කීය. මෙවැනි ක්‍රියා  චීනය සමග පවතින දේශපාලන පදනම බරපතල ලෙස විනාශ කිරීමට හේතු වනු  ඇති බව ද, වං යී මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම