චීන ජාතික පාරිභෝගික මිල දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා
2022-08-10 17:07:19
Share with:

ජූලි මාසයේදී, චීන ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලයට වඩා 2.7% කින් ඉහළ ගිය අතර, මේ වසරේ නව ඉහළම මට්ටමක් වාර්තා කර තිබේ. එසේම එය 2020 අගෝස්තු මාසයේ සිට වාර්තවූ නව ඉහළ අගයකි. චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (10) නිකුත් කළ දත්තවල මේ බව දැක්වේ.

ගිම්හාන නිවාඩු කාලයේ ගුවන් ටිකට්පත්, හෝටල් නවාතැන්, ප්‍රවාහන කුලී ගාස්තු සහ ගමන් මිල ගණන් ඉහළ යාම මීට බලපා ඇත. එහෙත් සෙසු සේවාවන් සඳහා මිල ගණන් මධ්‍යස්ථ මට්ටමක පවතී. නිවාස කුලී මිල අඛණ්ඩව මාස දෙකක් පුරා පහත වැටීමෙන් පසු ඉහළ ගිය අතර, නේවාසික ඉල්ලුම ප්‍රකෘතිමත් වීම සහ වාණිජ ජීව ගුණය දැකිය හැකිය.

චීනයේ භාණ්ඩ හා සේවාවල සැපයුම් ධාරිතාව සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වන අතර මිල ගණන් මධ්‍යස්ථව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම