"ඇමරිකාවේ දේශීය හා විදේශීය බලහත්කාරී ශ්‍රම භාවිතයේ සත්‍යය" නමැති වාර්තාවක්
2022-08-10 19:10:02
Share with:

"ඇමරිකාවේ දේශීය හා විදේශීය බලහත්කාරී ශ්‍රම භාවිතයේ සත්‍යය" නමැති වාර්තාව ඊයේ (9) චීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය විසින් නිකුත් කෙරිණ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

මෙම වාර්තාව ඇමරිකාව එක්සත් ජනපදය පිහිටුවා වසර 200 ක් පුරා එහි පැවති බලහත්කාරී ශ්‍රමයේ ඓතිහාසික කරුණු සහ සැබෑ වැරදි ක්‍රියා බහුවිධ දෘෂ්ටිකෝණවලින් හඳුන්වා දී ඇතැයි Wang Wenbin මහතා පැවසීය.  වර්තමානයේ ද ඇමරිකාවේ අවම වශයෙන් ලක්ෂ පහක ජනතාවක් තවමත් "නූතන වහල්භාවය" යටතේ ජීවත් වෙති. සෑම වසරකම,  ලක්ෂයක පමණ පිරිසක් බලහත්කාරී ශ්‍රමය සඳහා විදේශයන්හී සිට ඇමරිකාවට රැගෙන ඒමේ ජාවාරම් සිදුවෙයි. බොහෝ ඇමරිකානු බහුජාතික සමාගම් දිගු කලක් පුරා විදේශයන්හි බලහත්කාරී ශ්‍රමය භාවිත කර ඇති අතර වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝනය කර ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒ පි‍ළිබඳ යළි යළිත් ප්‍රශ්න සහ විවේචන මතු කර ඇත.ඉන් බිහිරි කන් විවර වෙනවා වෙනුවට, ඇමරිකාව වෙනත් රටවලට එරෙහිව මඩ ප්‍රචාර යොදා ගනිමින් ඊනියා "බලහත්කාරී ශ්‍රමය" පිළිබඳ අසත්‍යයන් පතුරුවා තිබේ. ඉන් ඇමරිකාවේ දෙබිඩි ප්‍රමිතීන් සහ කුහකත්වය හෙලිදරව් වී ඇතැයි ද  Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම