ඇමරිකා හමුදා සිරියාවේ ඛනිජ තෙල් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බව හෙළිවෙයි
2022-08-10 14:51:56
Share with:

සිරියාවේ නීති විරෝධීව රැඳී සිටින ඇමරිකානු හමුදාව එරට ඛනිජ තෙල් විශාල ප්‍රමාණයක් පැහැර ගෙන ඇති බව සිරියානු ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් අමාත්‍යංශය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි.

සිරියානු ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් අමාත්‍යංශය විසින් වසර 2022කේ මුල් භාගයේ සිරියාවේ ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් ඇතුළු බලශක්ති නිෂ්පාදන දත්ත ඊයේ(9) නිකුත් කරන ලදි. ඒ අනුව, සිරියාවේ සියයට 80ක ඛනිජ තෙල් නිෂ්පාදනය, එරටේ නීති විරෝධීව රැඳී සිටින ඇමරිකානු හමුදාව හෝ එම හමුදාවේ අනුබලය හිමි කැරළි සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැර ගනු ලැබ ඇත.

ඇමරිකාව සිරියාවේ ඊසානදිග භූමිය නීති විරෝධීව අත්පත් කර ගෙන ඇති අතර, කැරලි සන්නද්ධ කණ්ඩායම්වලට අනුබල දෙමින් මුහුදු කොල්ලකරුවන් සේම සිරියාවේ සම්පත් සොරකම් කළ බවට සිරියානු රජය ‍චෝදනා කරයි. සිරියාවේ බලශක්ති හිඟයට එය හේතු වී ඇති අතර ඛනිජ තෙල් අපනයනකරුවෙකු වන සිරියාවට දැනට ඛනිජ තෙල් ආනයනය මත යැපීමට සිදුව ඇත. එය සිරියාවේ මානුෂීය අර්බුදය උග්‍රකරවීමක් බව ද ප්‍රකාශ කෙරේ.  

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම