අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය නරක අතට--රුසියාව
2022-08-10 10:13:30
Share with:

යුක්‍රේනය අඛණ්ඩව එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය දිනෙන් දින භයානක වෙමින් පවතින බව රුසියානු විදේශ අමාත්‍යංශය පවසයි. යුක්‍රේනයේ එම ක්‍රියාව සැබවින්ම සමස්ත යුරෝපය ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්කිරීමක් බව රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය පසුගිය 8 වැනිදා පැවසුවාය.

මේ අතර, "ආහාර ප්‍රවාහන කොරිඩෝව" විවෘත වීමෙන් පසු දින 9 ක් තුළ, නැව් 12 ක් යුක්‍රේන වරායවලින් පිටත් වී රටවල් 7කට ධාන්‍ය ටොන් 370,000 කට වැඩි ප්‍රමාණයක් රැගෙන ගොස් ඇති බව යුක්‍රේන වරාය අධිකාරිය ඊයේ (9) පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම