ඇමරිකාවෙන් යුක්‍රේනයට යළිත් ඩොලර් බිලියනයක ආයුධ තොගයක්
2022-08-09 10:02:52
Share with:

යුක්‍රේනයට යළිත් ඇමරිකානු ඩොලර් බිලියනයක අතිරේක යුද ආධාර ලබා දෙන බව,  ඇමරිකාව කියයි. ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය 8 වැනිදා මේ බව නිවේදනය කළේය. එය රුසියානු-යුක්‍රේන ගැටුම ආරම්භයේ සිට වරකට ලබාදුන්  විශාලතම ආයුධ තොගය වේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, 2021 අගෝස්තු මාසයේ සිට ඇමරිකාව යුක්‍රේනයට ලබාදුන් ආයුධවලට, අධි සංචලතා කාලතුවක්කු රොකට් පද්ධතියක් සහ ගුවන් මිසයිල පද්ධතිය සඳහා අවශ්‍ය අමතර යුදෝපකරණ ද ඇතුළත් වේ.

මෙවර ප්‍රකාශයට පත් කර ඇති ආධාරයත් සමග, බයිඩන් බලයට පත් වූ දා සිට යුක්‍රේනයට ලබා දී ඇති යුද ආධාරවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 9.8 ක් පමණ වන බව පෙන්ටගනය පවසයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම