ඇමරිකාව සිදුකළ බරපතල මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ අධ්‍යයන වාර්තාවක් එළිදැක්වේ
2022-08-09 11:33:32
Share with:

"ඇමරිකාව මැදපෙරදිග සහ අනෙකුත් ප්‍රදේශවල කළ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්" නමැති අධ්‍යයන වාර්තාව එළිදැක්වේ.

චීන මානව හිමිකම් අධ්‍යයන සංගමය එම වාර්තාව අද (9) නිකුත් කළේය.

එම වාර්තාවට අනුව, ඇමරිකාව යුද්ධ දියත් කොට සාමාන්‍ය වැසියන් ඝාතනය කර, ජීවිතයට සහ ජීවත්වීමට ඇති අයිතීන් උල්ලංඝනය කර තිබේ. ඇමරිකාව පිහිටුවා ගතවූ සමස්ත කාලයම සැලකීමේදී එරට කිසියම් යුද්ධයකට සහභාගි නොවී ඇති මුළු කාලයම වසර 20කටත් වඩා අඩු ය. ඇමරිකාව තම සන්ධාන මිතුරන් එක්රැස් කොට ගල්ෆ් යුද්ධය, ඇෆ්ගනිස්ථාන යුද්ධය සහ ඉරාක යුද්ධය ආදිය සිදුකිරීම පමණක් නොව, ලිබියානු යුද්ධයට සහ සිරියානු යුද්ධයට ද ගැඹුරින් සහභාගි වෙමින් ලෝකයේ අතිවිනාශකාරී ව්‍යසනයක් නිර්මාණය කළේය.

මීට අමතරව, ඇමරිකාව විවිධ අවස්ථාවල අනිසි ලෙස ඒකපාර්ශ්වික සම්බාධක ද පනවා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද සම්බාධක ඉරානයට අවම වශයෙන් ඩොලර් බිලියන 200 ක ආර්ථික හානියක් සිදු කර ඇත. එසේම, ඇමරිකාව ඉරාකයට පැනවූ ම්ලේච්ඡ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන්, මේ දක්වාත් එරට ඒක පුද්ගල වාර්ෂික ආදායම 1990 වසරේ පැවති මට්ටමට පැමිණ නැත. ඇෆ්ගනිස්ථානයට ආර්ථික සම්බාධක පැනවූවා පමණක් නොව, ඇමරිකාව ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය සංචිත අත්හිටුවීමෙන් ඇෆ්ගනිස්ථාන ආර්ථිකය බිඳවැටීමට පවා ආසන්න විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම