2022 "එක් තීරයක් එක් මාවතක්" මාධ්‍ය සහයෝගිතා සංසදය ඇරඹේ
2022-08-09 17:09:03
Share with:

2022 "එක් තීරයක් එක් මාවතක්" මාධ්‍ය සහයෝගිතා සංසදය අද (9) චීනයේ Shaanxi පළාතේ Xi'an නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු අමාත්‍ය Huang Kunming මහතා වීඩියෝ ආකාරයෙන් සංසදයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.

"එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධව ඉදිකිරීම මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද ප්‍රධාන මුලපිරුමක් බව Huang Kunming මහතා පෙන්වා දුන්නේය. එය යෝජනා කෙ‍රුණු දා සිට ජනප්‍රිය ජාත්‍යන්තර සහයෝගීතා වේදිකාවක් බවට පත්ව ඇත.

තොරතුරු බෙදා හැරීම, අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම සහ සම්මුතිය ගොඩනැගීම සඳහා මාධ්‍යයන්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව Huang Kunming මහතා අවධාරණය කළේය. "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ ඉදිකිරීම වෙනුවෙන් විවිධ රටවල මාධ්‍යවල ක්‍රියාකාරී දායකත්වය අවශ්‍ය  බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම