ආසියා-පැසිෆික් කලාපයේ සිදුකෙරෙන “න්‍යෂ්ටික අවි බෙදාගැනීම”කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2022-08-09 09:59:33
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව අතර, න්‍යෂ්ටික බල සබ්මැරීන සහයෝගීතාවට චීනය විරෝධය පළකරයි. නිරායුධකරණ කටයුතු පිළිබඳ චීන තානාපති Li Song මහතා, ඊයේ (8) පැවති න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුමේ දසවන සමාලෝචන සමුළුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් එම විරෝධතාව ප්‍රකාශ කළේය.

“න්‍යෂ්ටික අවි බෙදාගැනීම” යටතේ ආසියා-පැසිෆික් කලාපයේ කෙරෙන සියලු ක්‍රියාකාරකම් න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීම් බවත්, එය‍‍ කලාපීය ර‍ටවල ‍විරෝධතාවන්ට ලක් වනු ඇති බවත් Li Song මහතා එහිදී අවධාරණය කළේය.

ජපානයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳව ද Li Song මහතා එහිදී අදහස් දැක්වීය.ජපානය ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිලිවලට ප්‍රතිචාර දැක්විය යුතු අතර, බලපෑම් එල්ලවිය හැකි පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම බලහත්කාරයෙන් ප්‍රවර්ධනය කිරීම නතර කළ යුතු බව ද Li Song මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම