ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් බලැති සංවර්ධන කමිටුවක්
2022-08-09 18:31:30
Share with:

රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පුළුල් බලය සහිත සංවර්ධන කමිටුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය එම කමිටුවට පැවරෙන ප්‍රධාන වගකීම් වෙයි. නිල මාර්ගවලින් හැකි තරම් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියාකාරීව මැදිහත්වීම ද කමිටුවේ මුලික කාර්යයි.

නව සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට කැබිනට් ඇමති ධුරයට සමාන බලතල පිරිනමමින් හැකි උපරිමයෙන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සක්‍රීය දායකත්වයක් සැපයීමට ඉඩකඩ සලසාදීම රජයේ අරමුණ වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම