ජනාධිපතිවරයා ගේ සභාපතිත්වයෙන් යුතු රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබද ඇමති මණ්ඩල අනුකාරක සභාවක්
2022-08-09 18:27:45
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබද ඇමති මණ්ඩල අනුකාරක සභාවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

මේ අනුව නව ව්‍යාපෘති ආරම්භ කිරීම හා ප්‍රසම්පාදන කටයුතු වැනි රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් වන යෝජනා පිළිබද ප්‍රතිපත්තිමය නිර්දේශ  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම එම අනුකාරක සභාව හරහා සිදු කෙරෙනු ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ පත්වීම් ,උසස් වීම් ,මාරු කිරීම් හා විනය ක්‍රියාමාර්ග වැනි ආයතන කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා අධ්‍යයන කර අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්තිමය නිර්දේශ ලබා දීම සදහා අගමැතිවරයා ගේ සභාපතිත්වයෙන් යුතු ආයතන කටයුතු පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සහාවක් ස්ථාපිත කිරීමට අදාළව  ඉදිරිපත් කෙරුණු යෝජනාවට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම