ලෝක ආර්ථික ප්‍රකෘතියට අඛණ්ඩව දායක වන චීනය
2022-08-09 21:32:52
Share with:

                   

                         පසුගිය ජූලි මස චීන අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 332.96ක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය 18%ක වර්ධනයක් බවත් , චීන රේගු මහා පරිපාලනය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලින් හෙළි වේ. එම සංඛ්‍යා‍ ලේඛන අනුව , එම මාසයේ චීන වෙළඳ අතිරික්තය ඩොලර් බිලියන 101.26කි. එයද වාර්තාගත ඉහළ අගයකි. ජූලි මාසයේ චීන අපනයන වර්ධනය 15%ක් වනු ඇති බවට මීට පෙර රොයිටර් පුවත් සේවය අනාවැකි පළ කර තිබිණ. Bloomberg පුවත් සේවය ආර්ථික විද්‍යාඥයින් සමග කළ සාකච්ඡා මගින් පුරෝකථනය කළේ  එම වර්ධනය 14.1% ලෙසට ය.

                         චීන අපනයනය මෙවන් විස්මිත ජයග්‍රහණයක් අත්කර ඇත්තේ පළමු වරට නොවේ.ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසු වන වර්තමානයේ ගෝලීය නිෂ්පාදන ජාලයේ හා සැපයුම් ජාලයේ චීනයට හිමි වැදගත් ස්ථානය මෙමගින් මැනවින් පිළිබිඹු වී තිබේ.චීනයේ නිෂ්පාදන හා සැපයුම් ක්ෂේත්‍ර සීග්‍රයෙන් ප්‍රකෘතිමත් වීම,  චීන විදේශ වෙළඳාම ලද විශිෂ්ට ජයග්‍රහණයට හේතුවකි. එමෙන් ම චීන දේශීය පාරිභෝගික ශක්තිය පවතින්නේ ඉහළ මට්ටමක ය. ඉන් චීන විදේශ වෙළඳාමට විශාල සහනයක් ලැබී ඇත. විදේශයන් කෙරේ විවෘත වීමේ ප්‍රතිපත්තිය චීනය අඛණ්ඩව අනුගමනය කරමින්  සෙසු රටවල් සමග සිය වෙළඳ පොළ බෙදා ගැනීමට චීනය කටයුතු කරමින් සිටී. චීනයේ මෙවන් ක්‍රියාකලාපය හේතුවෙන් ගෝලීය ව්‍යවසායන්ට චීන වෙළඳ පොළ පිළිබඳ ඇති සුබවාදී ආකල්පය සැමවිටම ස්ථාවර වේ.

                        චීනය ලෝකයට ලබා දෙන්නේ බහු කාර්ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් සහ අසීමිත විභවයක් සහිත පාරිභෝගික වෙ‍ළඳ පොළක් පමණක් නොව, විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ලෝක ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සංවර්ධන නියැදියකි.

 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම