න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයේ ධනාත්මක අධිෂ්ඨානයක්
2022-08-08 14:43:32
Share with:

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා මගින් තිරසර ගිවිසුමකට එළඹීම ඉරානයේ අවංක අධිෂ්ඨානය බව එරට විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා පවසයි.

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ ගිවිසුම යළි අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ වියානාහිදී සාකච්ඡාවක් සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කරයි. ඔහු එසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සමග ඊයේ(7) දුරකථන සංවාදයක නිරත වෙමිනි. අදාල සාකච්ඡාවේ ප්‍රතිඵලය රඳා පවතින්නේ, ඇමරිකාවේ සද්භාවය මත බව ද Hossein Amir-Abdollahian මහතා පැවසීය.

න්‍යෂ්ටික අවි විරහිත මැදපෙරදිග ප්‍රදේශයක් බිහි කිරීම ඉරානයේ ස්ථාවරයයි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සංවර්ධනාත්මක සහයෝගතා පැවැත්වීමට තම රට කැමති බව ද ඉරාන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම