ගාසා තීරයේ සටන් විරාමයක්‍
2022-08-08 10:50:53
Share with:

ගාසා තීරයේ සක්‍රීය බලවේගයක් වන ජිහාඩ් සංවිධානය ඊශ්‍රායලය සමග සටන් විරාම ගිවිසුමකට එළඹෙයි.ඊජිප්තුවේ සහාය යටතේ ඉරිදා සිට එම සටන් විරාම ගිවිසුමට එළඹි බව එම සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ.

ඉන් දින තුනක් පුරා ඊ‍ශ්‍රායල ගාසා තීරය‍‍ට එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර අවසන් වී ඇත.ඊජිප්තු මැදිහත්කරුවන් සඳහන් කළේ ගැටුම් වර්ධනය වීම පාලනය සඳහා තමන් සියළු පාර්ශ්ව සමග පුළුල් අන්දමින් සබඳතා පැවැත්වූ බවයි.සටන් විරාම ගිවිසුමට පූර්ණ ආකාරයෙන් ගරු කරන ලෙසට ඔවුහු එම පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටිති.

කෙසේ වුවද බලය යළි භාවිත කිරීමේ අයිතිය තවදුරටත් හිමි කර ගෙන තිබෙන බව සටන් විරාම ගිවිසුමට එළඹි පාර්ශ්වයන් පවසා ඇත.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම