එකම චීනය මූලධර්මයට අනුබල දෙන බවට විවිධ රටවල දේශපාලන පක්ෂ රැසකින් ප්‍රතිඥා
2022-08-08 10:10:44
Share with:

එකම චීනය මූලධර්මයට අනුබල දෙන බව විවිධ රටවල දේශපාලන පක්ෂ රැසක් යළි අවධාරණය කරයි.

චීනයේ දැඩි විරෝධය නොතකා නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම කෙරෙහි අදාළ පක්ෂ විරෝධය පළ කර ඇත. ප්‍රංශයේ LFI පක්ෂයේ නායක Jean-Luc Mélenchon මහතා පැවසුවේ ලෝකයේ එකම චීනයක් පවතින අතර තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බව ප්‍රංශය අනුගමනය කර ඇති  පිළිවෙත බවයි.  ග්‍රීසීයේ දෙවන විශාලතම දේශපාලන පක්ෂය වන SYRIZA පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එකම චීනය ප්‍රතිපත්තිය ග්‍රීසීය හා යුරෝපය සැම විටම අනුගමනය කරන ස්ථාවරය බවයි.

එමෙන්ම සිම්බාබ්වේ ZANU–PF පක්ෂය, ලාඕසයේ මහජන විප්ලවීය පක්ෂය, ඉක්වදෝරයේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ රැසක් එකම චීනය මූලධර්මයට අනුබල දීම පැහැදිරිව ප්‍රකාශ කර තිබේ. සිය රටේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය යොදා ගන්නා අත්‍යවශ්‍ය පියවරයන්ට අනුබල දෙන බව අදාළ පක්ෂ හා නායකයන් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම