මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්
2022-08-08 15:21:23
Share with:

මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කරයි. පසුගියදා රැස්වු කෘෂිකර්ම අමාත්‍යංශ මිල කමිටුව එම තීරණය ගෙන තිබෙ. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 කටද , සම්බා හා කැකුඵ වී කිලෝවක් රුපියල් 125 කටද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටද මිලදී ගැනීමට තීරණය කළ බව සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේදී ගොවි ජනතාවට ඉහල මිලක් සැපයීමත් සහල් නිෂ්පාදනය සඳහා වී අලෙවි මණ්ඩලයේ ඉදිරිපත් වීම මගින් වෙළෙදපොලේ සහල් මිල ඉහල යාම පාලනයට දායක වීමත් මෙහි අරමුණයි.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම