බටහිර රටවලට සාපේක්ෂව චීනය සමග පවතින සබඳතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවට වඩාත් වාසි සහගතයි
2022-08-08 15:30:17
Share with:

චීනයේ ආර්ථික හා දේශපාලනමය වැදගත්කම හඳුනා ගෙන ලොව රටවල් චීනය සමග සමීප සබඳතාවන් පවත්වා ගැනීම යහපත් ලෝකයක් ගොඩනැගීමට ඉවහල් වන බව ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ දුලාන් හෙට්ටිආරච්චි මහතා පවසයි. ලෝක ආර්ථිකය තුළ චීනය කේන්ද්‍රීය සාධකයකි. ලෝක ආර්ථිකය ආසියාව දෙසට නැඹුරුවීමටද චී‍නයේ ආර්ථික ශක්තිය බලපා ඇති බව ද හෙතෙම කියා සිටී. චීනයේ ජනගහනය සහ භූමි ප්‍රදේශය මෙම ශක්තියට ‍හේතුවී ඇත. චීනයේ සංවර්ධනය අනාගත ආර්ථික ලෝකයේ කලාපීය සංවර්ධනයට සහ කලාපීය ප්‍රවණතාවයන්ට සෘජුවම බලපානු ඇත. චීනයේ මෙම භූ දේශපාලන වැදගත්කම නිසා ශ්‍රී ලංකාව චීනය සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම වඩා වැදගත් යැයි ද හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකාව භූ දේශපාලනික වශයෙන් වැදගත් සන්ධිස්ථානයක් ලෙස ලොවට පෙන්නුම් කෙරුණේ පුරාණ සේද මාවත තුළිනි. එය චීනය සමග සබඳතා වඩාත් තහවුරු කර ගැනීමට අතීතයෙන් ගෙන දුන් මහඟු අවස්ථාවකි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට සාපේක්ෂව චීනය සමග පවතින සබඳතාව වර්ධනය කර ගැනීම තුළ ශ්‍රී ලංකාවට වඩා සුභදායී ඉලක්කයන් සඳහා ප්‍රවේශ විය හැකි බවට තම මතය යැයි ද ඔහු සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ද චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමේ අවස්ථාවන් ගෙන් මෙම වැදගත්කම තවත් පැහැදිලි වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම