චීනයේ තායිවාන කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කළ වැරදි තුනක්
2022-08-08 10:34:43
Share with:

චීනයේ තායිවාන කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාව වැරදි තුනක් සිදු කළ බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි.

බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (7) මේ බව ප්‍රකාශ කළේය.වත්මන් නව තත්ත්වය හා ඇමරිකාවේ පදනම් විරහිත වංචනිකත්වය සලකා වං යී මහතා නැන්සි පෙලොසි ගේ චීන තායිවානයේ සංචාරය සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කළ වැරදි තුනක් පැහැදිලි කර ඇත.

පළමුව, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දරුණු ලෙස මැදිමත්වීමය. දෙවැන්න, “තායිවාන ස්වාධීනත්ව”බලවේගයට අයුතු ලෙස සහාය ලබා දීමය. තෙවැන්න, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමයට සහ ස්ථාවරත්වයට අභිප්‍රායිකව හානි සිදු කිරීමය.චීනයේ ස්ථිර ස්ථාවරය සහ පියවර සාධාරණ, නීත්‍යනුකූල, අත්‍යවශ්‍ය, විවෘත සහ ගැලපෙන අතර,එහි අරමුණ වන්නේ චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂක කිරීම බව ද වං යී මහතා ප්‍රකාශ කළේය.

මේ අතර  බංග්ලාදේශ අගමැතිනි Sheikh Hasina මහත්මිය වං යී මහතා ඩකාහිදී ඊයේ හමුවිය.එකම චීනය ප්‍රතිපත්තියට ස්ථීර ලෙස අනුබල දෙන බංග්ලාදේශය ඇතැම් රටවල් සිදු කළ ප්‍රකෝපකාරී ක්‍රියා අනුමත නොකරන බවත්, සාමකාමී සහ ස්ථාවර සංවර්ධන පරිසරයක් පොදුවේ සහතික කිරීම අපේක්ෂා කරන බවත් Sheikh Hasina මහත්මිය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම