යුක්‍රේන ආහාර නිෂ්පාදිත රැගත් දෙවන නැව් සමූහය දකුණු යුක්‍රේනයේ වරායන්ගෙන් පිටත් වෙයි
2022-08-08 14:39:53
Share with:

යුක්‍රේන ආහාර නිෂ්පාදිත රැගත් දෙවන නැව් සමූහය දකුණු යුක්‍රේනයේ Odessa වරාය හා Chornomorsk වරායෙන් පිටත් වේ. ප්‍රවාහක නැව් හතරකින් සමන්විත නැව් සමූහය ටොන් ලක්ෂ 1.7ක් බරැති කෘෂි නිෂ්පාදිත රැගෙන යාත්‍රා කරමින් තිබේ. සිය රටේ වරායයන්හි ප්‍රවාහක ධාරිතාව මාසිකව නැව් 100කට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහල නැංවීමට යුක්‍රේනය සැලසුම් කරන බව එර‍ට යටිතල පහසුකම් අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර යුක්‍රේනයේ ජාතික න්‍යෂ්ටික විදුලිබල සමාගමේ සමාජ වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, රුසියානු හමුදාව පසුගිය හය වනදා  Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරය හා එය පිහිටි Energodar නගරයට යළිත් ප්‍රහාර එල්ල කළේය.

එහෙත් රුසියා මාධ්‍ය, Energodar නාගරික රජය පළ කළ තොරතුරු උපුටා දක්වමින් වාර්තා කළේ යුක්‍රේන හමුදාව Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරය වෙත රොකට් ප්‍රහාර  නිකුත් කළ බවයි.

Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරය යුක්‍රේනයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයය. එම බලාගාරය ප්‍රහාරයට ලක්වීම කෙරේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ‍ජනරාල් Rafael Mariano Grossi මහතා කණස්සල්ල පළ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම