අන්තර් කාලීන අයවැය ලබන මස මුල් සතියේ
2022-08-08 15:19:58
Share with:

අන්තර් කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය කියයි. සුපුරුදු පරිදි 2023 වසරේ අයවැය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග හෙලි කරයි. නව සභා වාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අගහරුවාදා, බදාදා හා සිකුරාදා පැවැත්වීමට නියමිතයි. විවාදය අවසානයේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙයි. පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීම හේතුවෙන් අහෝසි වු කාරක සභා අතරින් තේරීම් කාරක සභාව හෙට යළි පත්කර ගැනීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම