කියුබාවේ තෙල් ගබඩා ටැංකියක් පිපිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ගේ කණගාටුව
2022-08-08 18:46:03
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, කියුබාවේ තෙල් ගබඩා ටැංකියක් පිපිරීම සම්බන්ධයෙන් අද (8) කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්වරයා සහ කියුබානු ජනාධිපති Miguel Díaz-Canel මහතා වෙත ශෝක පණිවිඩයක් යවා තිබේ.

කියුබාවේ Matanzas ප්‍රාන්තයේ තෙල් ටැංකියක් පිපිරීමෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදු වූ බව දැන ගැනීමෙන් තමන් කම්පනයට පත් වූ බව ෂී ජින් පිං මහතා පැවසීය. චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද විපතට පත් වූවන්ට ෂී ජින් පිං මහතා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය. එමෙන්ම විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ට හෙතෙම අවංක කණගාටුව පළ කළේය. කියුබාවට ආධාර ලබාදීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම