චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස ඉක්මවයි
2022-08-07 16:16:42
Share with:

2022 ජූලි මාසය නිමා වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුන්දහස ඉක්මවයි. එම අගය ඇමරිකානු ඩොලර් බිලියන 3104.1 ක් බව, චීන ජාතික විදේශ විනිමය පරිපාලනය අද (7) නිකුත් කළ දත්තවල සඳහන් වේ.

මෙය පසුගිය ජූනි මාසයේ අග භාගයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 32.8කින් හෙවත් 1.07% ක වර්ධනයකි.

ඉකුත් ජූලි මාසයේ චීනයේ විදේශ විනිමය වෙළඳපොළ සමස්ත වශයෙන් ස්ථාවර වූ අතර, දේශීය විදේශ විනිමය ඉල්ලුම සහ සැපයුම මූලික වශයෙන් සමතුලිත වූ බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම