ජගත් මහලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්
2022-08-07 16:13:35
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමයි.

විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව ය.

අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම ද ජගත් මහලේකම්වරයාගේ පැසසුමට ලක්ව ඇත.‍

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහය දැක්වීමට සූදානමින් සිටින අතර, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා අඛණ්ඩ සහයෝගිතා පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම