උස්බෙකිස්තානයේ පැවැත්වෙන ශංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍යනායක සමුළුවට සහභාගි වන බව තුර්කි ජනපති කියයි
2022-08-07 16:14:42
Share with:

එළඹෙන සැප්තැම්බර් මාසයේ උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශංහයි සහයෝගිතා සංවිධාන රාජ්‍යනායක සමුළුවට සහභාගි වීමට තුර්කිය අපේක්ෂා කරයි.

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ඊයේ(6) රුසියානු සංචාරයෙන් පසු තුර්කි මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

ශංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල්, නිරීක්ෂක රාජ්‍යයන් සහ සංවාද හවුල්කාරී රටවල් සමඟ මෙහිදී එක්වීමට තුර්කිය බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

තුර්කිය දැනට ශංහයි සහයෝගිතා සංවිධානයේ සංවාද හවුල්කාරී රටකි. එම සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලය 2022 සැප්තැම්බර් 15,16 දෙදින උස්බෙකිස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම