මෙරට විවිධ ක්‍ෂේත්‍ර සඳහා ලබාදෙන ආධාර වැඩිකිරීමට බ්‍රිතාන්‍යය සූදානම්
2022-08-07 15:42:35
Share with:

ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍ර සඳහා බ්‍රිතාන්‍යය ලබා දෙන ආධාර වැඩිකිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළකරයි. පුනර්ජනනීය බලශක්ති සහ ජලවිදුලි බලාගාර ඇතුළු ක්‍ෂේත්‍රයන් හි ආයෝජනය කිරීමටත් අපේක්ෂා කරන බව ඇය කියාසිටී.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා හමුවූ අවස්ථාවේදී ඇය මෙම එකඟතාව පළ කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමකාමී විරෝධතාවන්ට සහ අදහස් පළකිරීමට නිදහස තිබිය යුතු යැයි තම රජය තරයේ විශ්වාස කරන බව පැවසූ මහකොමසාරිස්වරිය හිංසාකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බව ද අවධාරණය කළාය.

මේ අතර, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා සහය දීමට නවසීලන්තය ද එකඟතාව පළකර ඇත. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර පැවැති සාකච්ඡාවක දි මේ බව දැනුම් දී තිබේ. දෙරට අතර සබඳතා වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම