එකම චීනය මූලධර්මයට රටවල් රැසක සහය
2022-08-07 15:18:13
Share with:

රටවල් රැසක් එකම චීනය යන මූලධර්මය යළි අවධාරණය කරයි. ඇමරිකා කොංග්‍රස් මණ්ඩල කථානයකවරියගේ චීන තායිවාන සංචාරය හෙළාදකිමින් ‘තායිවානය චීනයෙන් වෙන්කිරීමේ බලවේගයට ’ ඇමරිකාව අනුබල දැක්වීම කෙරෙහි එම රටවල විරෝධය පළ වී ඇත.

නේපාල විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, එකම චීනය ප්‍රතිපත්තිය නේපාලය ස්ථිර ලෙස අනුගමනය කරන බවයි. නේපාලය හා චීනය සිය රටවල ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වාධීනත්වය වෙනුවෙන් අන්‍යෝන්‍ය සහය දක්වන බව ද නේපාලය කියාසිටී.

ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා විවෘත අවස්ථාවක දී ප්‍රකාශ කළේ, ඊජිප්තුව එකම චීනය යන මූලධර්මයට දැඩිව එකඟ වන අතර, මෙම මූලධර්මය ජගත් ආරක්ෂාව හා ස්ථායිතාව රැකීමට හිතකර බවයි.

මේ අතර ම, බංග්ලාදේශය, පිලිපීනය, ඉරාකය, ජෝර්දානය, මැඩගස්කරය ඇතුළු රටවල් ද එකම චීනය යන මූලධර්මය යළි අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම