දකුණු චීන මුහුද පිළිබඳ චීනයේ ස්ථාවරය
2022-08-06 16:16:52
Share with:

දකුණු චීන මුහුද පිළිබඳව චීනය දරන ස්ථාවරය චීන විදේශ අමාත්‍යවරයා පහදා දෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ(05) කාම්බෝජයේ Phnom Penh හි 12වැනි ආසියාන් සංගම් සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වූ අවස්ථාවේ චීනයේ ස්ථාවරය විග්‍රහ කරමින්, ඇමරිකාවේ ඊනියා ක්‍රියාකලාපය විවේචනය ක‍ළේ ය.

හෙතෙම සඳහන් කළේ, දකුණු චීන මුහුද පිළිබඳව චීනය දරන ස්ථාවරය සැලකිය යුතු ඓතිහාසික හා නීතිමය සාක්ෂි මත පදනම් වී ඇති බවයි. ‘ දකුණු චීන මුහුද පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනය ’ අනුව සාකච්ඡා මගින් නිසිලෙස මතභේද විසඳීම යන්න චීනය සහ ආසියාන් රටවල් අනුගමනය කරයි. ගතවූ වසරවලදී චීනය ආසියාන් රටවල් සමග එක්ව, දකුණු චීන මුහුදේ ස්ථායිතාව තහවුරු කර තිබේ. මෙමගින් විවිධ රටවල් තම රටේ සංවර්ධනය වෙනුවෙන් ස්ථාවර පරිසරයක් ගොඩනගා ඇති බව ද චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම