තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් ක්‍රියාකිරීමට සූදානම් බව ජනපති කියාසිටී
2022-08-06 14:52:07
Share with:

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් ක්‍රියාකිරීමට තමා සූදානම් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වන විට රට හමුවේ ඇත්තේ ආර්ථික අරගලය ජයගැනීමේ අභියෝගයයි. සියලුදෙනා එම අභියෝගය ජයගැනීම සඳහා සෑම අයුරකින්ම දායක කරගැනීම තම අපේක්ෂාව බව හෙතෙම කියාසිටී. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (5) පැවැති සාකච්ඡාවකදී ය.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බව වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. වර්ජන මතින් රටකට ඉදිරියට යා නොහැක. සාකච්ඡා මගින් ඉල්ලීම් දිනාගැනීම මෙන්ම රට වෙනුවෙන් කළ යුතු කාර්යයන් ඉටුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

සියලු අරගලකරුවන් නියෝජනය වන සේ කණ්ඩායමක් සකසා ඉදිරි වැඩසටහන් සඳහා දායක කරගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය. අරගලකරුවන් නියෝජනය කළ පිරිස මෙහිදී පැවසුවේ, තරුණ පරම්පරාව අසීමිත කැපවීමකින් මෙම අරගලය සිදුකළ බවත් එහි සාධනීය ප්‍රතිඵල ව්‍යවස්ථානුකුලව ස්ථාපනය වීම තම අපේක්ෂාව බවත් ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම හමුවට එක්විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම