2022 චීන-ආසියාන් සංගම් මාධ්‍ය සහ බුද්ධි මණ්ඩල සංසදය බෙයිජිංහිදී
2022-08-06 19:28:25
Share with:

2022 චීන-ආසියාන් සංගම් මාධ්‍ය හා බුද්ධි මණ්ඩල සංසදය පැවැත්වේ.

එය ඊයේ (5) බෙයිජිංහිදී පැවැත්විණ.

“ගෝලීය සංවර්ධනය-පොදු ඉරණමක් සහිතව ඒකාබද්ධව ක්‍රියාකිරීම”එහි තේමාවයි.

චීනයේ සහ ආසියාන් සංගම් රටවල් 10 ක නිලධාරීහු, ප්‍රධාන මාධ්‍ය ප්‍රධානීහු, බුද්ධි මණ්ඩල නියෝජිතවරු, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සහ විද්වත්හු එම සංසදයට මාර්ගගතව සහ මාර්ගගත නොවන ආකාරයෙන් සහභාගි වූහ. ගෝලීය සංවර්ධන මුලපිරීම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරමින්, චීන-ආසියාන් සංගම් සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට මෙහෙයවීම පිළිබඳව ඔවුහු එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

2021 සැප්තැම්බර් මාසයේදී චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරීමට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ධනාත්මක ප්‍රතිචාර සහ සහයෝගය හිමිව ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම