තායිවානය පිළිබඳව චීනයේ ස්ථාවරය චීන විදේශ අමාත්‍යවරයා විග්‍රහ කරයි
2022-08-06 16:07:40
Share with:

තායිවානය පිළිබඳ චීනයේ ස්ථාවරය චීන විදේශ අමාත්‍යවරයා විග්‍රහ කරයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, කාම්බෝජයේ Phnom Penh නුවර ඊයේ(05) පැවති නැගෙනහිර ආසියානු සහෝගිතාව පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලින් පසුව එක් වූ මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

එහිදී හෙතෙම සඳහන් කළේ, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායකවරිය චීනයේ දැඩි විරෝධය නොතකා චීන තායිවාන ප්‍රදේශයේ කළ සංචාරය සැබවින් ම සිදු කෙරුණේ ඇමරිකානු රජයේ මෙහෙයවීම යටතේ බවයි. මෙම පිළිකුල් සහගත ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් මෙන් ම අභ්‍යන්තර කටයුතුවලට ඍජු මැදිහත්වීමකි. ඇමරිකාව පෙර ලබා දුන් ප්‍රතිඥාව මෙහිදී බිඳ දමා ඇති අතර, මෙම සංචාරය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස කලාපයේ සාමය හා ස්ථායිතාවට අනිසි බලපෑමක් එල්ල කර තිබේ. ඊට පටහැණි ව චීනය දැඩි ප්‍රතිචාර දැක්විය යුතු ය. චීනයේ ස්ථාවරය යුක්ති සහගත වන අතර, ඒ අනුව සිදු කර ඇති විවෘත, විනිවිද යුදමය අභ්‍යාස,  ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර රෙගුලාසියන්ට උචිත වේ. මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ස්ථිර ව සුරකිමින්, ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතාව සඳහා වන ප්‍රධාන මූලධර්මය ද චීනය ආරක්ෂා කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සඳහන් වන අතිශය වැදගත් මූලධර්මයක් වන, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම චීනය ප්‍රබල ව ආරක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම