අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළට
2022-08-06 16:06:29
Share with:

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමය පවසයි.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල  රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත් පහත බැස තිබේ. රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් ලෙස පහත වැටී ඇත.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම