රටවල් 160කට අධික සංඛ්‍යාවක් සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් චීනය සමග එක්වෙයි
2022-08-06 15:53:38
Share with:

රටවල් 160කට අධික සංඛ්‍යාවක් සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙන් තම රට සමග එක්ව සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ඊයේ(5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියාය. ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවානයේ සංචාරය කිරීම, රටවල් 160කට වැඩි සංඛ්‍යාවක් හෙළා දැක ඇති අතර, එය බරපතල ප්‍රකෝප කිරීමක් මෙන්ම ඉතා නොසැලකිලිමත් හා වගකීම් විරහිත ක්‍රියාවක් බව ද පවසා ඇත. එකම චීනය යන මූලධර්මය පිළිපදිමින් ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට සහාය වීමට කැමැත්තෙන් සිටින බව එම රටවල් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, එකම චීනය ප්‍රතිපත්තිය සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම පිළිබඳ ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත අවධාරණය කළේය.

මීට අමතරව, බොහෝ රටවල දේශපාලන පක්ෂ සහ හිටපු දේශපාලනඥයෝ Nancy Pelosi ගේ සංචාරය අධිපතිවාදී ක්‍රියාවක් ලෙස හෙළාදකින අතර, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය දරන ප්‍රයත්නයන්ට දැඩි ලෙස සහාය දක්වති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම