ආසියාන් සංගම් රටවල 55වැනි විදේශ අමාත්‍ය සමුළුවෙන් ඒකාබද්ධ නිවේදනයක්
2022-08-05 16:42:54
Share with:

ආසියාන් සංගම් රටවල 55වැනි විදේශ අමාත්‍ය සමුළුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි.

ආසියාන් සංගමය අද (5) උදෑසන තම නිල වේබ් අඩවියේ එය පළකර ඇත.  එම නිවේදනයට අනුව, “ආසියාන් සංගම් පොදු ඒකක දැක්ම 2025” මගින්, පොදු අභියෝගවලට මුහුණදීමේ ප්‍රයත්න ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඥාව යළි ප්‍රකාශයට පත්කෙරේ. ආසියාන් සංගමයේ මධ්‍යගතභාවය හා සමගිය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද එමගින් අවධාරණය කර ඇත.

ස්වෛරීභාවය, දේශපාලන ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

යුක්රේනයේ අර්බුදය සාමකාමී ලෙස විසඳාගන්නා ලෙස ද එම නිවේදනය ඉල්ලා සිටී.

අදාළ පාර්ශ්ව හැකි ඉක්මණින් “දකුණු චීන මුහුද සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ ආචාර ධර්මයන්”ට එකඟ විය යුතුය. දේශපාලන අර්බුදය ධනාත්මක, සාමකාමී සහ නිර්මාණාත්මක ආකාරයකින් විසඳීම සඳහා මියන්මාරයට සහාය වීමට ආසියාන් සංගමය කැමැත්තෙන් සිටින බව ද එම නිවේදනය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම