චීනයේ ප්‍රතිප්‍රහාර, ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව නීත්‍යනුකූලව සුරැකීමේ ක්‍රියාමාර්ගයක් බව එරට අවධාරණය කරයි
2022-08-05 20:12:03
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosiගේ චීන තායිවානයේ සංචාරයට එරෙහිව චීනය එල්ලකර ඇති ප්‍රතිප්‍රහාර, ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව නීත්‍යනුකූලව සුරැකීමේ ක්‍රියාමාර්ගයක් බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

වත්මන් තත්වය සම්පූර්ණයෙන්ම Pelosi සහ ඇමරිකානු දේශපාලනඥයන් විසින් ඇතිකරන ලද්දක් බව ඇය පැවසුවාය. තායිවාන ප්‍රශ්නය, චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට සම්බන්ධ වැදගත් ප්‍රතිපත්තිමය කරුණකි.

චීනයේ මෙම ප්‍රතිප්‍රහාර ප්‍රකෝප කරන්නන්ට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව සුරැකීමේ නීත්‍යනුකූල පියවරක් බව Hua Chunying මහත්මිය කියා සිටියාය. චීනයේ අදාළ ක්‍රියාමාර්ගය, කලාපීය සාමය සහ ස්ථාවරත්වය මෙන්ම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන්  ස්ථිරව ආරක්ෂා කිරීමක් වන බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම