නැවත භාවිත කළ හැකි පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානයක් චීනයෙන් ගුවනට
2022-08-05 16:46:50
Share with:

චීනය, නැවත භාවිත කළ හැකි අංක 1 පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගුවන්ගත කරයි. Long March 2F වාහක රොකට්ටුවේ ආධාරයෙන්, Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී අද (5) එය ගුවන්ගත කෙරිණ.

මෙය Long March 2F වාහක රොකට්ටුවේ 18 වැනි  මෙහෙයුමයි.

එම පර්යේෂණාත්මක අභ්‍යවකාශ යානය නිශ්චිත කාලයක් කක්ෂගතව සිට, චීනයේ නියමිත ගොඩබෑමේ ස්ථානයට යළි පැමිණෙනු ඇත. මේ අතරතුර, අභ්‍යවකාශය සාමකාමීව භාවිත කිරීමට අවශ්‍ය සහාය සැපයීම සඳහා, නැවත භාවිත කළ හැකි තාක්ෂණ සහ කක්ෂය තුළ සේවා තාක්ෂණ සත්‍යාපනය සිදුකරනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම