අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් මුල දී පාර්ලිමේන්තුවට
2022-08-05 14:59:27
Share with:

ලබන සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දී අන්තර්කාලීන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් ජනතාවට සහන ලබාදීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මහාචාර්ය ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් කණ්ඩායම සමග ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු කඩිනමින් ස්ථාපනයට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම