රාජ්‍ය සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2022-08-04 15:03:57
Share with:

රාජ්‍ය සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

එම ගැසට් නිවේදනයට අනුව විදුලිය සැපයිම, ඉන්ධන බෙදාහැරීම හා සෞඛ්‍ය ආශ්‍රිත සේවා අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ තෙවන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව මෙම නිවේදනය නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම