ශ්‍රී ලංකා නාමය ඉතිහාසයට එක්කරමින් යුපුන්ගෙන් ලෝකඩ පදක්කමක්
2022-08-04 14:58:18
Share with:

එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගනු ලැබීය. එය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව සන්ධිස්ථානයකි.

වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනූ පදක්කම මෙය වීම විශේෂත්වයකි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද යුපුන් අබේකෝන් අද ඉතිහාසයට එක් විය.

 මීටර් 100 තරඟ ඉසව්ව තත්පර 10.02 කින් නිම කළ කෙන්යානු ක්‍රීඩකයා එහි රන් පදක්කම දිනා ගත් අතර, තත්පර 10.13 කින් තරඟය නිම කළ රුසියානු ක්‍රීඩකයා එහි රිදී පදක්කම දිනා ගත්තේය.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

ඒ  ඔහු සහභාගි වූ කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමිනි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම