චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා කාම්බෝජ උප අග්‍රාමාත්‍ය සහ විදේශ ඇමති Prak Sokhonn මහතා සමඟ සාකච්ඡාවක
2022-08-04 16:37:37
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා කාම්බෝජ උප අග්‍රාමාත්‍ය සහ විදේශ ඇමති Prak Sokhonn මහතා සමඟ සාකච්ඡාවක නිරත වෙයි.

එම සාකච්ඡාව ඊයේ(3) නොම් පෙන් හිදී පැවැත්විණ.

එකම චීනය  ප්‍රතිපත්තිය අනුගමනය කරන කාම්බෝජයේ ස්ථාවරය තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බව යැයි ද Prak Sokhonn මහතා පැවසීය. තායිවානය, ෂින්ජ්‍යං සහ ටිබෙටය වැනි චීන අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් චීනයේ නීත්‍යානුකූල ස්ථාවරයට කාම්‍‍බෝජය අනුබල දෙන බව හෙතෙම සඳහන් කළේය.

කාම්බෝජයට තම ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට චීනය ලබා දෙන  දිගුකාලීන ස්ථිර සහයෝගයට ස්තූතිවන්ත වන අතර, කාම්බෝජය සහ චීනය අතර "දැඩි" මිත්‍රත්වය තහවුරු කිරීමටත් දෙරට අතර සම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමටත් කාම්බෝජය කැමැත්තෙන් සිටින බව ද Prak Sokhonn මහතා පැවසීය.

එකම චීනය යන මූලධර්මය තදින් පිළිපදිමින් චීනයේ නීත්‍යනුකූල ස්ථාවරයට අනුබල දෙන බවට රටවල් රැසක් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව වං යී මහතා එහිදී පැවසීය. ආසියාන් සංගම් රටවල් සමඟ එක්ව, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන ජාත්‍යන්තර සබඳතාවල මූලිකම සම්මතයන් පවත්වා ගෙන,  ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කොට අසීරුවෙන් දිනාගත් කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා කියා සිටියේය.

මියන්මාර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම