එකම චීන මූලධර්මය අනුගමනය කරන බව බොහෝ රටවල රජයන් හා ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරයි
2022-08-04 11:19:59
Share with:

Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව බොහෝ රටවල රජයන් හා ජාත්‍යන්තර සංවිධාන අදහස් දක්වමින් එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව අවධාරණය කරයි. ඇමරිකාවේ එම චීන ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමේ ක්‍රියාවට ඔවුහූ ප්‍රබල විරෝධය පළ කරති‍‍.

තම සංවිධානය සම්ම්ත කළ එකම චීනය මූලධර්මය අඛණ්ඩව අනුගමනය කරන අතර අදාළ සියලු පියවර එම මූලධර්මය යටතේ සිදු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධනයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා ඇත.‍

චීනයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරන සියලු ප්‍රකාශ හා ක්‍රියාවලට කාම්බෝජය දැඩිව විරුද්ධ වන අතර, කාම්බෝජය අඛණ්ඩව චීන ජනතාව සමඟ සිටිමින් චීනයේ ප්‍රධාන ප්‍රතිලාභ ආරක්ෂා කරනු ඇතැයි කාම්බෝජ අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කියුබා ජනපති, නිකරගුවා ජනපති, සර්බියානු අගමැති ඇතුළු විවිධ රටවල නායකයෝ ද අදහස් දක්වමින් එකම චීනය මූලධර්මය අනුගමනය කරන බවත් තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් අවධාරණය කරති.

Nancy Pelosi ගේ තායිවාන ප්‍රදේශයේ සංචාරය ජාත්‍යන්තර නීති හා එකම චීනය මූලධර්මය උල්ලංඝනය කරන බව එරිත්‍රියා විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එම‍ අනුවණ ක්‍රියාව මෑත වසරවල ඇමරිකාව ආසියාවේ ක්‍රියාත්මක කර ඇති නොසැලකිලිමත් ප්‍රතිපත්ති හා දෝෂ සහිත ගෝලීය ප්‍රතිපත්තියේ ඉස්මතු කිරීමක් බව ද එරිත්‍රියා විදේශ අමාත්‍යංශය පවසා ඇත.

මීට අමතරව, බෙලාරුස්, කොංගෝ ජනරජය, සිම්බාබ්වේ, මියන්මාරය, තායිලන්තය, සුඩානය, දකුණු සුඩානය, බුරුන්ඩි ඇතුළු විවිධ රටවල් ද ඇමරිකාවේ ක්‍රියාවට විරෝධය පළ කරමින් එකම චීන මූලධර්මය අනුගමනය කරන බව යළිත් අවධාරණය ක‍ර ඇත.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම