“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණයන් වෙනුවෙන් පෙනී සිටින කවර හෝ අයෙකුගේ අවසානය අඳුරු වනු ඇති බව චීනය කියයි
2022-08-04 10:58:51
Share with:

නැන්සි පෙලොසි ගේ තායිවාන සංචාරය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි Xiao Meiqin ඉතිහාසය විසින් ඈවර කරනු ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පවසයි.

"ස්වාධීනත්වය" ගැන කතාව නිතර ප්‍රචාරය කරන Xiao Meiqin, ඇමරිකානු දේශපාලනඥයන් තායිවානයේ සංචාරය කිරීමට පොළඹවා ගැනීමට උත්සාහ දරන තැනැත්තියකි.එමෙන්ම ඇමරිකාවෙන් අවි අයුධ මිලදී ගැනීම දැඩි ලෙස ප්‍රවර්ධනය කරන ඇය තායිවානය හා සම්බන්ධ චීන විරෝධී පනත් සකස් කිරීම ද දිරිමත් කළාය. මෑතකදී නැන්සි පෙලොසි ගේ තායිවාන සංචාරය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි ඇය එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තියට විවෘතව අභියෝග කරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සබඳතාවට  බරපතළ ලෙස හානි කළාය. ඉන් තායිවාන සමුද්‍ර සන්ධි දේපසේ තත්ත්වය තවදුරටත් උග්‍ර වූ බව ද චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශකයා අද (4) ප්‍රකාශ කළේය. පෞද්ගලික දේශපාලන වාසි වෙනුවෙන් ක්‍රියා කරන  Xiao Meiqin චීන ජාතියේ ජයග්‍රහණයන්ට හානි කරමින් තායිවාන ස්වදේශිකයන් භයානක ආගාධයකට තල්ලු කර තිබේ. ජාතියේ ජයග්‍රහණ පාවා දෙන සහ “තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණයන් වෙනුවෙන් පෙනී සිටින කවර හෝ අයෙකුගේ අවසානය අඳුරු වනු ඇත. ඔවුන් ඉතිහාසය විසින් ඈවර කරනු ඇති බවද ප්‍රකාශයට පත් කර තිබේ.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම