ඇමරිකාවේ ක්‍රියා කලාපයන්ට ස්ථීරව විරුද්ධ විය යුතු බව චීන විදේශ ඇමති අවධාරණය කරයි
2022-08-04 16:05:53
Share with:

ඇමරිකාවේ විවෘත ප්‍රකෝප කිරීම් සහ දේශපාලන සූදුවට ස්ථීරව විරුද්ධ විය යුතු බව චීන විදේශ ඇමති වං යී මහතා පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ ඇමති වං යී මහතා අද (4) නොම් පෙන් හි පැවති නැගෙනහිර ආසියා සහයෝගීතාව පිළිබඳ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීම් මාලාවට එක් වූ අවස්ථාවේදී, චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමේ ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියා සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය තවදුරටත් පැහැදිලි කරමින් මේ බව පැවසීය.

ඇමරිකාව ජාත්‍යන්තර නීතිය නොතකමින් ද්විපාර්ශ්වික පොරොන්දු කඩ කරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය විනාශ කර බෙදුම්වාදයට සහාය දැක්වීම, චීන ජනතාව සහ සාමයට ලැදි කලාපීය රටවල ජනතාව ප්‍රකෝප කිරීමක් බව වං යී මහතා කියා සිටී.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosiගේ ක්‍රියාකාරීත්වය ඇමරිකානු දේශපාලනයේ, රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ විශ්වසනීයත්වයේ තවත් බංකොලොත් භාවයක් යැයි ද වං යී සඳහන් කළේය. තායිවාන සමුද්‍ර සන්ධියේ විශාලතම සාමය විනාශ කරන්නා ඇමරිකාව බවත් කලාපීය ස්ථාවරත්වයට බාධා කරන විශාලතම අකුල්හෙලන්නා බවත් මෙමගින් සනාථ වේ. ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපායමාර්ගය අතිශයින් ගැටුම්කාරී හා හානිකර බව ද ඉන් පැහැදිලය. එසේම ජාත්‍යන්තර නීතිරීති සම්බන්ධයෙන් ඇමරිකාවේ කුහකත්වය සහ ද්විත්ව ප්‍රමිතිය මෙම ක්‍රියාවන් ගෙන් සනාථ කර ඇති බව වං යී මහතා පෙන්වා දුන්නේය.

විවිධ පාර්ශ්වයන් වත්මන් අර්බුදයේ හේතුව සහ සැබෑ තත්ත්වය පැහැදිලිව හඳුනාගත යුතු අතර, ඇමරිකාවේ ක්‍රියාකාරකම් සහ ප්‍රකෝප කිරීම්වලට ඒකාබද්ධව විරුද්ධ විය යුතු බවත් චීනයේ නීත්‍යානුකූල ස්ථාවරය සහ ක්‍රියාමාර්ගවලට අඛණ්ඩව සහාය දෙමින් කලාපීය සහ තායිවාන සමුද්‍ර සන්ධි සාමය ඒකාබද්ධව පවත්වා ගත යුතු බවත් වං යී මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම