ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ දේශ කටයුතු පිළිබඳ කොමිසමේ ප්‍රකාශය
2022-08-03 12:03:08
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කොමිසම ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකාවගේ තායිවාන සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි.

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීනයේ දැඩි විරෝධය නොතකා චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම, එකම චීනය යන මූලධර්මය සහ චීන - ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනෙහි විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කර, ජාත්යන්තර සබඳතාවල මූලික සම්මතයන් බරපතල ලෙස උල්ලංඝනය කර, චීන - ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනම ඉන් බරපතල ලෙස කම්පනයට ලක් කර, චීන - ඇමරිකානු සබඳතාවලට දැඩි හානියක් සහ චීනයට විශාල දේශපාලන කුපිත කිරීමකි. චීන මහජන දේශපාලන උපදේශක සාකච්ඡා සභාව මෙයට තරයේ විරුද්ධ වන අතර තරයේ හෙළා දකී.

ලෝකයේ ඇත්තේ එකම චීනයයි, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජය වන්නේ චීන මහජන සමූහාණ්ඩුවේ රජයයි. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුතු ය. චීනය දෙකඩ කිරීමට දරන සියලු උත්සාහයන්ට සහ ක්‍රියාමාර්ගවලට තරයේ විරුද්ධ වන අතර, චීනය සාමකාමීව යළි එකමුතු කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වන ඕනෑම බාහිර බලවේගයකට තරයේ විරුද්ධ වන අතර, තායිවාන ප්‍රශ්නයට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට කිසිදු රටකට ඉඩ නොදෙයි. චීනය යළි එකමුතු විය යුතු අතර අනිවාර්යයෙන්ම යළි එකමුතු වනු ඇත. මෙය නවතාලිය නොහැකි ඓතිහාසික ප්‍රවණතාවයකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම