Nancy Pelosi සිය තායිවාන සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයට චීනයේ විරෝධය
2022-08-03 20:05:33
Share with:

Nancy Pelosi සිය තායිවාන ප්‍රදේශ සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයට චීනය විරෝධය පළ කරයි.

තායිවාන ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇමරිකාව දක්වා ඇති දැඩි අනුබලය මෙවර සංචාරය මගින් පිළිබිඹු කර ඇතැයි Nancy Pelosi මහත්මිය ඊයේ(02) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(03) සඳහන් කළේ Nancy Pelosi ගේ තායිවාන සංචාරය චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව හා බැඳුණු කරුණක් මිස, එය ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් ම අදාළ නොවන බවයි. ඇගේ සංචාරය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් නොවේ. මෙය, චීනයේ ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවට පටහැණි ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම