Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව චීන ආරක්ෂක අමාත්‍යංශයේ දැඩි විරෝධය
2022-08-03 11:47:22
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi චීන තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරන බව චීන ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක   Wu Qian මහතා පවසයි. එම සංචාරය පිළිබඳව හෙතෙම ඊයේ (2) අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.

එම සංචාරයෙන් ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳව චීනය බොහෝ වරක් පෙන්වා දී ඇත. Nancy Pelosi එය නොසලකා හිතාමතාම අර්බුදයක් ඇති කරමින් එකම චීන මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන දැඩිව උල්ලංඝනය කර ඇති අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ දේශපාලන පදනම හා දෙරටේ හමුදා සබඳතාවන්ට ද හානි සිදු කර තිබේ. ඇමරිකාවේ එම ක්‍රියාවලිය තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥාවක් නිකුත් කරන අතර තායිවාන් සමුද්‍ර සන්ධියේ උණුසුම් තත්ත්වය උග්‍ර කර ඇත. තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බාහිර බලවේගය සමඟ අවුල් කරමින් Nancy Pelosi තායිවාන ප්‍රදේශ‍යේ සංචාරය කිරීමට ආරාධනා කිරීම භයානක වන අතර එය අනිවාර්යයෙන්ම බරපතළ ප්‍රතිවිපාකවලට ලක් වන ක්‍රියාවකි.

චීන මහජන විමුක්ති හමුදාව ඕනෑම තත්ත්වයකට මුහුණදීමට දැඩි සීරුවෙන් සිටින ඇති අතර හමුදා මෙහෙයුම් මාලාවක් දියත් කරනු ඇත. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව නොසැලී ආරක්ෂා කරන අතර, බාහිර මැදිහත්වීම් සහ තායිවාන බෙදුම්වාදී කුමන්ත්‍රණයන් අධිෂ්ඨානශීලීව පරාජය කරනු ඇත.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම