ඩෙන්මාර්කය ඇතුළු රටවල් හයක් "අග්නිදිග ආසියාවේ මිත්‍ර සහයෝගීතා ගිවිසුමට" එක්වෙයි
2022-08-03 19:51:15
Share with:

ඩෙන්මාර්කය ඇතුළු රටවල් හයක් "අග්නිදිග ආසියාවේ මිත්‍ර සහයෝගීතා ගිවිසුමට" ඇතුළුවීමේ සම්මුතියට අත්සන් තබයි.

අද (3) කාම්බෝජයේ පැවති 55 වැනි ආසියාන් සංගම් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම අතරතුර, ඩෙන්මාර්කය, ග්‍රීසිය, නෙදර්ලන්තය, ඕමානය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය "අග්නිදිග ආසියාවේ මිත්‍ර සහයෝගීතා ගිවිසුමට" ඇතුළුවීමේ  සම්මුතියට අත්සන් තැබූහ.

එම ගිවිසුම 1976 දී පැවති පළමු ආසියාන් සංගම් රටවල නායක සමුළුවේදී අත්සන් තැබිණ. මේ වන විට ආසියාන් සංගම් රටවල් 10 ම එම ගිවිසුමට සම්බන්ධ වී ඇති අතර, ඊට අමතරව චීනය ඇතුළු රටවල් ද ඊට ඇතුළත් ව සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම